එහෙනම් හා හා පුරා කියලා අපේ website එකේ පලවෙනි Post එක පටන්ගමු.
Marvel Universe එක කිවුවම මුලින්ම මතක් වෙන්නෙ මොනවද. අනිවාරෙන් Iron man, Captain America, Spider man වගේ avengersලනේ. ඒත් එක්කම Infinity war, Endgame වගේ Infinity Saga එකේ moviesනේ.
ඒත් Marvel එක කියන්නෙ ඔච්චරද ?
Infinity Saga එකෙන් එහා සුපිරි Movies, TV series තියෙන එකක් නැද්ද ?
පිලිතුරනම් අනිවාරෙන් තියෙනවා.

Personally මගෙත් Favorite ඒ වගේ එකක් තමයි Defenders Saga කියන්නෙ. සුපුරුදු Marvel රිද්මයෙන් ටිකක් වෙනස් පැත්තකට ගියපු එකක් තමයි මේ.
මේ Saga එකේ ඉන්නේ New York වල ඉන්න Street level heroesලා. මේ saga එක originally release කරේ Netflix එකෙන් වුනත් 2022දි ඒ ඔක්කොම ඉවත් කරා. දැන් මේ සේරම තියෙන්නෙ Disney+ එකේ.

මේ Saga එක TV series 6කින්  යුක්ත වෙනවා.

  1. Daredevil (2015-2018) - 3 Seasons
  2. Jessica Jones (2015-2019) - 3 Seasons
  3. Luke Cage (2016-2018) - 2 Seasons
  4. Iron Fist (2017-2018) - 2 Seasons
  5. The Defenders (2017) - 1 Seasons
  6. The Punisher (2017-2019) - 2 Seasons

මාරම ලස්සනට step by step character developing කරන් ආපු මේ Saga එක Jessica Jones Season 03 එකෙන් පස්සෙ අවසන් කරා.

TV Series ටිකේ නම් ටික දැක්කමම idea එකක් එන්න ඇතිනෙ කවුද මේකෙ ඉන්නෙ කියලා. ඔව්

Defenders team එක ගත්තොත්
  • Daredevil (Matt Murdock)
  • Jessica Jones
  • Luke Cage
  • Iron Fist (Danny Rand)
කියන කට්ටිය තමයි.

කෝ එතකොට Punisher. Punisher එහෙම නැත්නම් Frank Castle ගැන දන්න එක්කෙනෙක්නම් ජීවිතේට ඒ ප්‍රශ්නෙ අහන්නෙ නෑ. Defendersලගෙ අරමුණයි Punisherගෙ අරමුණයි සම්පූර්ණ වෙනස්. අනික Punisher කියන්නෙ anti hero කෙනෙක්. හරියට Deadpool වගේ. ඉතින් එයාටනම් කවදාවත් Defendersලත් එක්කනම් වැඩ කරන්න බෑ.


ඇයි මේ Defenders saga එක මන් මෙච්චර හොඳයි කියන්නෙ.

01. Character Development

මේක ගැන කියන්න ගත්තොත් දවසක් වුනත් උදාහරණ දිදී කතා කරන්න පුලුවන්. ඒත් මන් කෙටියෙන්ම කියන්නම්. මේ Saga එකේ Heroesලට විතරක් නෙවේ Villainsලා Side characters වලට පවා perfect character development එකක් දීලා තියෙනවා. මේකට හොඳම උදාහරණයක් තමයි Daredevil TV series එක. පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකල් ලස්සනට Characters ගණනාවක් අපේ හදවතටම වද්දන්න මේක සමත් වුනා.


02. Memorable Villains

Kingpin, Kilgrave, Cottonmouth වගේ Villainsලා ගණනාවකගෙ Character development එක perfectly කරපු Saga එකක් විදියට මේක කියන්න පුලුවන්. ඒ අතරින් මගේ personal favorite villain තමයි Street level Thanos. එහෙමත් නැත්නම් Kingpin. මේ saga එක තුල මන් දැක්ක සුපිරිම character development එකක් තමයි ඒක.

03. MCU රිද්මයෙන් ටිකක් බැහැරව යාම

MCU කිවුවම අපේ ඔලුවට එන ඒ Fantasy world එකෙන් ටිකක් බැහැරව ගිහිල්ලා Street level එකට ඇවිත් වෙනස්ම වැඩක් වෙනස්ම විදියකට කරපු එකක් තමයි මේක. ඉතින් Fantasy ගතිය හින්දා Marvel එකට අකැමති අය වුනත් මේ saga එක හදවතෙන්ම වැලඳගත්තා.

04. Fighting scene

මේකනම් මම මෙහෙම කියලා හරියන්නෙ නෑ. අනිවාරෙන් මේක දැකලම තීරණේ කරන්න ඕන එකක්. ලේ වැගිරෙන Fight බලන්න බැරි අයටනම් මේ saga එක not recommended.

මේ ටික විතරක් නෙවේ හොඳ ගැන කතා කරන්න ගියොත් තව ගොඩක් ඒවා තියෙනෝ.

ඕනම දේක හොඳ වගේම නරකත් තියේනේ. මොකක්ද මේකේ තියෙන නරක.
මේකේ Iron fist සහ The defenders කියන TV series දෙකනම් අනිත් ඒවා එක්ක බලද්දි තරමක අඩු මට්ටමක තියෙන්නෙ.

  • Iron Fist එකට අපි බලාපොරොත්තු වුන Fighting, හරිහමන් Villain කෙනෙක් දෙන්න  බැරි වුනා. අනික Iron fist එහෙමත් නැත්නම් Danny Rand කියන්නෙ weak චරිතයක් වගේ තමයි මේක බැලුව කෙනෙක්ට දැනෙන්නෙ.
  • The defenders එකත් ඒ වගේමයි. හරිහමන් Villain කෙනෙක් දෙන්න බැරි වීමයි Time management දුර්වල වීමයි නිසා ඒකත් සාර්තක වුනේ නෑ.


ඒත් Overall ගත්තම මේ Saga එක සුපිරියක් කියන්න පුලුවන්.

දැන් මේ Saga එකේ ඉන්න චරිත කෙමින් කෙමින් MCU එකටත් එන ගමන් ඉන්නෙ. උදාහරණ විදියට,
  • Spider Man: No way home එකේ Matt Murdock (Daredevil) , Peter Parkerගෙ lawyer විදියට හිටිය එක
  • Hawkeye TV series එකේ  Kingpin ඉන්න එක
  • She Hulk TV series එකේ Daredevil ඉන්න එක (ගෙනැල්ලා චරිතෙ කාපු එක)
  • Echo TV series එකෙත් Kingpin ඉන්න එක
පෙන්නලා දෙන්න පුලුවන්. ඒත් මේ එකකටවත් මේ වෙනකල් Defenders Saga එකේ දුන්න character development එක දෙන්න බැරිවුනා වගේම දෙන්නත් බැරිවෙයි. සමහර අවස්තාවලදි තියෙන එකත් නැති කරපු අවස්තා නැතුවාම නොවේ. Kingpin වගේ powerful villain කෙනෙක් Maya Lopez(Echo) ඉස්සරහ චාටර් කරපු හැටි ඒකට හොඳම උදාහරණයක්.
මේ දවස්වල Release වෙමින් පවතින Daredevil: Born again එකේවත් ඒ character development එක විනාශවෙන්න නොදී රැකගෙන ගියොත්නම් ලොකු දෙයක්. අනිවාරෙන්ම Daredevil: Born again ගැන මගේ review එකත් Episode සේරම release වෙලා ඉවර වුනාම ගේන්නම්.

හරි එහෙනම් තව දික්වෙන හින්දා මේ review එක මෙතනින් ඉවර කරන්නම්. ඒ වගේම ඔයාලට help එකක් විදියට Defenders saga එකේ TV series බලන්න ඕන පිළිවෙල පල්ලෙහයින් දාලා ඇති. අනිවාරෙන් ඒ පිළිවෙලට බලන්න නැත්තන් සමහර තැන් වල ගැටලු එයි.

  1. Daredevil season 1
  2. Jessica Jones season 1
  3. Daredevil season 2
  4. Luke Cage season 1
  5. Iron Fist season 1
  6. The Defenders
  7. The Punisher season 1
  8. Jessica Jones season 2
  9. Luke Cage season 2
  10. Iron Fist season 2
  11. Daredevil season 3
  12. The Punisher season 2
  13. Jessica Jones season 3