Captain America කියන්නෙ අපි හැමෝම ආස චරිතයක්. 2011 Release වුන Captain America: The First Avenger Movie එකත් එක්ක Captain America එහෙම නැත්තන් Steve Rogers කියන චරිතෙට අපි හැමෝම ආස කරා. ඒ වගේම Marvel Fansලගෙන් ලොකු ප්‍රමාණයක් Marvel Fanලා වෙන්න හේතුව මේ Steve Rogers කියලා කියන්න පුලුවන්.

අවුරුදු 8ක් තිස්සෙ Captain America චරිතයට පණ දුන්න Chris Evans, Avengers Endgame movie එකෙන් පස්සෙ ඒ චරිතෙට සමු දෙනවා. ඔයාලා Endgame එක බලලා තියේනම් දන්නවනේ ඒකෙ අවසානෙට වයසට ගිහින් ඉන්න Steve Rogers තමන්ගෙ Captain America Shield එක Sam Wilson එහෙම නැත්තන් එවකට Falconට ලබාදෙනෝ. Sam මේ Shield එක ගත්ත ගමන් කරේ Captain America වුන එකද ?
නෑ. Sam Wilsonම තේරුම් ගත්තා තමන් මේ තනතුරට සුදුසු නෑ කියලා. ඉතින් "The Falcon and the Winter Soldier" TV Series එකේ පෙන්නපු විදියට Sam ඒ Shield එක U.S. Government එකට දෙනවා. ඒ දෙන්නෙ මේ Shield එක Museum එකට යා යුතුයි කියන මතයෙන්.

හැබැයි මේකෙන් වැඩේ තවත් අවුල් වෙනවා. U.S. Government එක මුලදි Shield එක Museum එකට දැම්මත් පසුව John Walker කියලා කෙනෙක්ට මේ Shield එක දීලා අලුත් Captain America කරනෝ. John Walkerටනම් කිසිසේත්ම Captain America විදියට සාර්තක වෙන්න බැරිවෙනෝ. කොහොම හරි ඒ TV Series එක අවසන් වෙන්නෙ Sam Wilsonට Captain America තනතුර ලැබීමෙන්.

දැන් අපි යමු Captain America: Brave New World Movie එක පැත්තට. මේ Movie එක ගත්තොත් MCU එකේ දෙවෙනි Movie එක වෙන 2008 Release වුන The Incredible Hulk Movie එකත් එක්ක Directම සම්බන්ධයි. චිත්‍රපටය ආරම්භවෙන්නෙ Bruce Banner එහෙම නැත්තම් Hulk ගේ Ex Girlfriend ගේ තාත්තා වෙන Thaddeus Ross, U.S. President Election එකෙන් ජයග්‍රහණය කරන එකෙන්. මේ Movie එකේ කතාව ගෙතෙන්නෙ....
Wait Movie එක බලපු මටවත් ඒක හිතාගන්න බෑ. මේ Movie එකේ කතාව ගෙතෙන්නෙ අලුත් Captain America (Nigeria)ගෙයි අලුත් Falconගෙයි සූර වීර හපන් කම් කියලා කිවිවොත්නම් හරි කියලා හිතෙනෝ. 😂

මේක ඒ තරන්ම සිඟිති ගණයේ Movie එකක්. ඉතින් තවදුරටත් Movie එක Success වුන හේතු අහන එක වැඩක් නෑනේ. එහෙනම් අපි මේ Fail වෙච්ච Movie එක Fail වෙන්න හේතු කතා කරමු.

01. New Captain America
මේක තමයි Movie එක Fail වෙන්න ප්‍රධාන හේතුව. Captain America කියන්නෙ තනතුරක් නෙවේ. Captain America කියන්නෙ Steve Rogers. කිසිසේත්ම ඒ චරිතෙට කිසිම කෙනෙක් Replace කරන්නත් බෑ. හරි ඒත් Replace කරන්න ඕනෙමයි කියලා හිතමු. ඒත් ඇයි අවම Super Soldier Serum එකවත් නැති කෙනෙක් Captain America කරේ.
Movie එක බැලුවම තේරෙයි Vibranium Wings නොවෙන්න Samගේ මරණය මේ Movie එක තුල වෙනෝ කියලා. Captain America චරිතෙට Steve Rogers හැරෙන්න කිසිම කෙනෙක් ගැලපෙන්නෙ නෑ. ඒක Replace කරන්න බැරි චරිතයක්. ඒත් ඔච්චරම Replace කරන්න ඕනෙනම් මගේ මතේ ඒකට Match වෙන එකම චරිතෙ Bucky Barnes. Steve Rogers වගේම World War 2 එකේ experience එක වගේම Super Soldier Serum එකත් තියෙන කෙනෙක්. අනිත් එක Bucky Barnesගේ Fighting Skill එකත් Sam Wilsonට වඩා ඉහල තැනක තියෙනෝ.
මටනම් Deadpool & Wolverine එකේ Chris Evans, Johnny Storm විදියට "Avengers... Flame on" කිවුව පොඩි Cameo එකේ hype එක මේ මුළු movie එකේම hype එකට වඩා වැඩියි.

02. Villain Handling
සාමාන්‍යයෙන් Movie එකක් Market කරද්දි Main Villainව පෙන්නලා තමයි Market කරන්නෙ. ඒත් මේක සම්පූර්ණෙන්ම Market කරේ අන්තිම විනාඩි කීපයෙ පෙන්නපු Red hulk ව Main villain වගේ පෙන්නලා. අන්තිමට මේකෙ Villain Red Hulk නෙවේ Leader කියලා දැනගත්තම ලොකු Disappointment එකක් ඇතිවෙන එක මාරම සාධාරණයි. අනිත් එක Villain කෙනෙක්ගෙ Character development එකක් මන් මේකෙ දැක්කෙම නෑ. Leader එක්ක වෙච්ච හරිහමන් fight එකක් දැක්කෙත් නෑ. අනික Super Villain කෙනෙක් වෙන්න තිබුන Red Hulkට Movie එකේ දුන්න තැනනම් මාරම අඩුයි.

03. Story Concerns & Re-shoots
හරිහමන් Story එකක්වත් නැති, භාගයක් බැලුවම ඉතුරු භාගෙ වෙන දේ ඕන කෙනෙක්ට කියන්න පුලුවන් මට්ටමේ දුර්වල Story එකක් තමයි මේකෙ තියෙන්නෙ. අපි Marvelලගෙන් Expect කරන්නෙ ඊලඟ විනාඩියෙ වෙන දේවත් අපිට හිතාගන්න බැරි මට්ටමේ Story එකක්. ඒත් අලුතින් එන Marvel project බහුතරයකම මේ ගතිය ගෑවිලාවත් නෑ. ඒ වගේම දුර්වල CGI ගැනත් කතා නොකර බෑ.
අනිත් එක මේක කීපවරක්ම Re-shoot කරලත් තියෙනවා. Movie ගැන දන්න කෙනෙක් දන්නවා ඒක Movie එකක අසාර්ථකත්වට පෙර සලකුණක් කියලා.

04. High Expectations
ලොකු Marvel fan කෙනෙක් නොවෙන ඒත් Captain America fan කෙනෙක් වෙන කෙනෙක් මේකෙ ඉන්නෙත් Steve Rogers කියලා හිතාගෙන, High Expectations තියාගෙන Movie එක බලන්න ගියොත් මුල් විනාඩි 10 තුලම නැගිටලා යනෝ. මාත් මේක කොහොම හරි ඉවර වෙනකල් බලන් හිටියෙ මේ Review එක ලියන්න ඕනෙ හින්දමයි LOL

මේ වෙන කොට අපේ Captain America (Nigeria) එහෙම නැත්නම් Anthony Mackieව Avengers : Doomsday Movie එකේ Cast එකටත් ඇතුලත් කරලා තියෙනවා. ඒ වගේම අලුත් Falcon ගේ චරිතය රඟපාන Danny Ramirezවත් Cast එකට ඇතුලත් කරලා. නමුත් Chris Evans Officially ඇතුලත් කරලා නෑ. ඒ වුනත් Chris Evans ආපහු Doomsday එකට එන්න පුලුවන් කියලා අපිට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

කොහොම හරි අවසානෙට කියන්න තියෙන්නෙ මට පේන විදියටනම් මේ Movie එකෙන් Marvel එකේ Future එකට එහෙම ලොකු Impact එකක් නෑ. ඒක හින්දා Die Hard Marvel Fan කෙනෙක් නොවෙන කෙනෙක් මේක බැලුවෙ නැති වුනාට කමක් නෑ.

ඊලඟට එන්න තියෙන Marvel Movie එක වෙන Thunderbolts* May 2 වෙනිදා Release වෙන්න නියමිතයි. ඒක ගැනත් විස්තර ඉස්සරහට ගෙන්නම්.