ලෝකේ හොඳම Movie එක මොකක්ද?
මේ ප්‍රශ්නෙ එක එක්කෙනාගෙන් ඇහුවොත් ලැබෙන්නෙ අනිවාරෙන් එක එක උත්තර. ඒත්  IMDB Rating අනුව ගත්තොත් අපිට එක උත්තරයක් ගන්න පුලුවන්.
එහෙනම් මොකක්ද ඒ Movie එක ?
9.3/10 IMDB Rating එකක් ලබාගෙන ලෝකේ හොඳම movie එක විදියට තමන්ගෙ ස්ථානය වසර 30කට අධික කාලයක් තිස්සෙ රැකගෙන ඉන්නෙ 1994 වසරෙ Release වුන The Shawshank Redemption.

අවිවාදාත්මකවම කියන්න පුලුවන් මම මෙතෙක් බලලා තියෙන හොඳම Movie එකත් මේකම තමයි. මේක Movie එකක් විතරක් නෙවේ. පැය 2යි මිනිත්තු 22ක කාලයක් තුල දිගහරින මිනිසුන් ගණනාවකම ජීවිත කතාව කිවුවොත් වඩාත් නිවැරදියි.


Movie එක පැත්තට හැරුනොත් මේකෙ ප්‍රධාන චරිතය වෙන Andy Dufresneගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Tim Robbins. ඒ වගේම අපි හැමෝම ආස Actor කෙනෙක් වෙන Morgan Freeman මේකේ Ellis Boyd "Red" Redding එහෙමත් නැත්නම් Red ගෙ චරිතයට දායක වෙනවා.

කතාව පැත්තට හැරුනොත් Banker කෙනෙක් විදියට රැකියාව කරගෙන හිටපු Andyට  කිසිසේත්ම තමන් නොකළා කියලා ඔප්පු කරගන්න බැරි විදියෙ මිනීමැරුම් චෝදනා දෙකක් හින්දා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙකක් නියම වෙනවා. ඉතින් මේ සිර දඬුවම හින්දා Shawshank State Prison එක වෙත යවන Andyගේ එතන ඉඳන් ජීවිතය ගතවෙන ආකාරය තමා මේ Movie එක පුරා ගලායන්නෙ.
මේ වගේ Masterpiece එකක් Spoil කරන්න ඕනෙ නැති හින්දා මෙතනින් එහාට Story එක ගැන නොකියා ඉන්නම්.

හරි අපි දැන් පොඩ්ඩක් හැරිලා බලමු ඇයි මේ Movie එක මෙච්චර හොඳ කියලා,

01. Exceptional Storytelling and Direction

Stephen King ගේ "Rita Hayworth and Shawshank Redemption"  පොත පාදක කරගෙන නිර්මාණය වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Frank Darabont විසින්. මේ වගේ Legendලා දෙන්නෙක්ගෙ වැඩක් කිවුවම ඉතින් තව විස්තර කරන්න ඕනෙ නෑනේ.

02. Character Development

Movie එකේ ප්‍රදාන චරිතෙ විතරක් නෙවේ side character ගැන පවා මේක මාර විදියට හිතලා තියෙනවා. පැය ගානක් තිස්සෙ TV series එකකට කරන්න පුලුවන් Character Development එක මේක පැය 2යි මිනිත්තු 22කින් කරන්න සමත් වුනා. විනාඩි 15ක්වත් Screen එකේ නොහිටිය Character ගැන පවා අපිට ලොකු අවබෝධයක් දෙන්න මේක සමත් වුනා. Brooks Hatlen ගෙ චරිතය ඒකට හොඳම උදාහරණයක්. තමන්ගෙ ජීවිතෙන් අවුරුදු 50ක්ම Shawshank prison එකේ ඉඳලා එලියට ගියාම දැනෙන වෙනස, ආපහු සමාජයත් එක්ක ජීවත් වෙන්න තියෙන අපහසු බව මේ චරිතයෙන් නියමෙට පෙන්නුවා. යම් වෙලාවට හිර ගෙය ඇතුලට වඩා අපි ජීවත් වෙන සමාජය කටුකයි කියන පණිවිඩය මේ චරිතයෙන් අපිට දෙන්න සමත් වුනා.

03. The Timeless Message

මේ Movie එකේ හදවත කියන්නෙ Hope එහෙම නැත්නම් බලාපොරොත්තුව කිවුවොත් වඩාත් නිවැරදියි. මුළු Movie එක පුරාම මේ Prison එකෙන් මිදීමට Andyගෙ තියෙන බලාපොරොත්තුව හොඳටම පෙන්නනවා. ඒ වගේම තව උදාහරණයක් විදියට, Prison Library එකට පොත් ගන්න Andy සතියකට 1 බැගින් state government එකට අවුරුදු 6ක් නොනවත්වා ලියුම් ලියනවා. අවුරුදු 6ක් අවසානයේ Andyගෙ වදෙන් බේරෙන්නම government එක යම් පොත් ප්‍රමාණයක් එක්ක $200ක් ලබා දෙනවා. එතනින් නොසෑහෙන Andy සතියකට ලියුම් 2 බැගින් ලියලා අවසානයේ  New England වල හොඳම Prison Library එක හදන්න සමත් වෙනවා. මේක පොඩිම උදාහරණයක් විතරයි. කතාව Spoil වෙන නිසා මීට වඩානම් කියන්න බෑ.
මේ වගේ බලාපොරොත්තුව හා විශ්වාසය ගැන මේකෙන් දුන්න Timeless Message එකත් මේකෙ සාර්ථකත්වයට ලොකු හේතුවක්.

04. Brilliant Performances

Tim Robbins ගෙ අතිවිශිෂ්ථ රංගනය මේකට හේතුවුන එක නොකිවුවොත් මන් කරන ලොකු වැරැද්දක්. ඒවගේම Morgan Freemanගේ Red විදියට කරපු සුපිරි performance මේකේ සාර්ථකත්වයට ලොකු හේතුවක්. ඒ වගේම Movie එකේ background voice එකට Morgan Freemanගේ දායකත්වය නිසාම Movie එකේ emotions නියමෙට පෙන්නන්න හැකියාව ලැබුනා. දන්න අය දන්නවනේ Morgan Freemanගේ Voice එක ගැන.

05. Background Music

Thomas Newmanගේ Background music එකත් අමතක කරොත් මන් කරන ලොකු වැරැද්දක්. මේක නොවෙන්න Movie එකේ emotions පෙන්නන්න ලොකු බාධාවක් වෙනවා.

මේ වගේ හේතු ගණනාවක් හින්දා මේ Movie එක Movie එකකට එහා ගිය Masterpiece එකක් වෙන්න සමත් වුනා. ඉතින් තවදුරටත් විස්තර කරන්න ඕනෙ නෑ. Movie එක බලලම මන් කිවුව දේවල් කොච්චර දුරට හරිද වැරදිද කියලා හොයාගන්න.